Author page: Editor

“I apologize to this mother. I urge forgiveness from all victims who faced attacks and violence that day. Citizen activist Brito Fernando said emotionally. He is a citizen, a human rights activist and a social activist. Brito Fernando shared his shocking experience at a memorial event for the brutal nature of the Roshen Chanaka assassination ten years ago and the suppression of the trade union struggle. Roshen Chanaka’s mother was also present at the event which was held as an online program.

From the beginning of 2011, the labor movement in Sri Lanka took a heated turn due to a new law to be introduced by the then government to usurp labor rights. The sources said that the destination of a program launched to claim a pension for all private-sector employees, including the Free Trade Zone, was the misuse of their provident fund.

A victim who faced brutal attack

Protests erupted from all quarters against the government’s move, mainly led by workers in the Katunayake and suburban free trade zones. On May 30, 2011, Katunayake was filled by the street workers, led by a mass mobilization of about 30,000 trade unions and civil society organizations. Their only request was to refrain from plundering their provident savings under the guise of a pension they did not claim. This peaceful and unarmed protest movement began to heat up with the government sending armed police and security forces to control it. There was a minor crash and the police and the thugs of the local politicians who came there inhumanely attacked the unarmed workers. There was a shooting and Roshen Chanaka shot at the same time. “On the evening of the 30th, we received a call that our son had been shot. At around 7 pm we went to Ragama Hospital to see our son. 31 said the child had to have his leg amputated. We agreed to do it. On the 1st we received a message that our son had died. ”Roshen’s mother recalls the incident. According to her, a few days after the incident, the president summoned them and promised to pay compensation to all the victims, including Roshen, and to bring justice through a judicial process. Two cases were filed according to the incident and one case ended unjustly at the time. The case filed by the Attorney General’s Department based on the CID’s case is still pending. Of particular note is the one-man commission appointed by the President to investigate the incident. Former judge Mahanama Tilakaratne was the only member of the commission and the recommendations contained in his report have not yet been implemented.

It is also a separate struggle to get the Mahanama Tilakaratne report, which ended 68 months of protests, for justice to be done for Roshen. The request made by Chamila Thushari and Roshen’s mother of the Da Bindu collective under the Freedom of Information Act was rejected on the ground that it was a threat to national security and was later obtained with the intervention of the Information Commission.

His funeral also done by the pressure of the government

“It is unfortunate that politicians are taking advantage of this assassination and the violence that took place at that time,” said Fr. Sarath Iddamalgoda, a social activist. “When the previous government came to power it promised to look into these matters. But during its five years in power, no significant steps were taken to bring about justice. The struggles that took place then are very important. Because it protected the rights of thousands of workers. But this society did not do justice to it,” he said.

“It has been ten years since my son was killed. The issue was not compensation but justice was not done for that murder. As a mother, I have that pain. Justice was not done to any of the children who were beaten then. Some lost their jobs,” said Roshen’s mother.

A number of trade unions and civil society organizations advocating for trade union rights in the free trade zone joined the commemoration. Speaking at the event, Chamila Thushari of the Da Bindu Collective said that this incident, which took place ten years ago, was a dark day in the history of trade union struggle in Sri Lanka. “Not only had the police but also the thugs of the politicians taken part in attacking the workers. They also brutally beat women. I remember a two-month-pregnant woman being kicked her abdomen by the police. She lost her unborn child. After that she could never have children. Her husband later abandoned her because she had no children. Many such stories happened then. They did not do justice to anyone. ”

The discussion was attended by a number of organizations, including the Commercial and Industrial Workers ‘Union, the Left Voice, Red, Textiles, Garment, Finished goods and Industrial Workers’ Union, Shramabhimani Kendra, Stand-Up Movement, Liberation Movement. They all vowed to continue this struggle for justice.

සිංහලෙන් කියවීමට සබැඳිය

“මං මේ අම්මාගෙන් සමාව ඉල්ලනවා. එදා පහර කෑමට ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු හැමදෙනාගෙන්ම මං සමාව ඉල්ලනවා” පුරවැසි ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු හැඟුම්බරව පැවසුවේය.  ඒ පුරවැසියෙකු, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ය. දස වසරකට ඉහත සිදු වූ රොෂේන් චානක ඝාතනය හා වෘත්තීය අයිතිවාසිකම් සටන මර්ධනය කළ කෲර ස්වභාවය පිළිබඳව පැවැත්වුණ අනුස්මරණ වැඩසටහනකදී බ්‍රිටෝ ප්‍රනාන්දු සිය කම්පනීය අත්දැකීම් ඉදිරිපත් කළේය. මාර්ගගත වැඩසටහනක් ලෙස පැවැත් වූ එම වැඩසටහනට රොෂේන් චානකගේ මවද එක්ව සිටීම විශේෂත්වයකි. 

 2011 වසර ආරම්භයේ සිටම ලංකාවේ කම්කරු ව්‍යාපාරය උණුසුම් මුහුණුවරක් ගත්තේ එවක පැවති රජය ශ්‍රමික අයිතීන් උදුරා ගැනීම සඳහා ගෙන ඒමට නියමිතව තිබූ නව නීතියක් හේතුවෙනි. නිදහස් වෙළඳ කලාපය ඇතුළුව සමස්ත පුද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන බව පවසමින් දියත් වූ වැඩපිළිවෙලක ගමනාන්තය ඔවුන්ගේ අර්ථසාධක අරමුදල අපහරණය බව තතු දත්තෝ ප්‍රකාශ කළහ.

රජයේ එම වැඩපිළිවෙලට එරෙහිව දසතින් විරෝධතා නැගෙන්නට වූ අතර ප්‍රමුඛ වූයේ කටුනායක හා තදාසන්න නිදහස් වෙළඳ කලාපවල සේවකයන්ගේ උද්ඝෝසනයයි. තිස්දහසක පමණ මහා බලමුලුවක් ලෙස වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල මෙහෙයවීම ඇතිව වීදි බට සේවකයන්ගෙන් කටුනායක එකම හිස් ගොඩක් වූයේ 2011 මැයි මස 30 වැනිදා ය.  ඔවුන්ගේ එකම ඉල්ලීම වුයේ තමන් ඉල්ලා නොසිටින විශ්‍රාම වැටුපකට මුවා ව තම අර්ථසාධක ඉතුරුම් මංකොල්ල කෑමෙන් වළකින ලෙසයි.  මේ සාමකාමී හා ආයුධ විරහිත විරෝධතා ව්‍යාපාරය උණුසුම් වන්නට පටන් ගත්තේ රජය සන්නද්ධ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ එය පාලනය සඳහා එවීම සමගයි. එහිදී සුලු ගැටුම් තත්ත්වයක් උද්ගත වූ අතර පොලීසියද එහි පැමිණි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැරයන්ද නිරායුධ කම්කරුවන්ට අමානුෂික ලෙස පහර දෙන්නට පටන් ගත්හ. එහිදී වෙඩි තැබීම් සිදු වූ අතර රෝෂේන් චානකට වෙඩි වදින්නේද ඒ සමග ය. 

පහර කෑමට ලක් වූ තරුණියක් රෝහලේදී
රෝෂේන්ගේ අවමගුලද රාජ්‍ය මැදිහත් වීම් මැද සිදු විය.

“30 වැනිදා හවස අපිට කෝල් එකක් ආවා පුතාට වෙඩි වැදිලා කියල. රෑ හතට විතර අපි රාගම ඉස්පිරිතාලෙට ගියා පුතා බලන්න. 31 කිව්වා දරුවගේ කකුල කපන්න වෙනවා කියලා. අපි ඒකට කැමති වුණා. 01 වැනිදා අපිට පණිවිඩය ලැබුවා පුතා මරණයට පත් වුණා කියලා” සිදුවීම ගැන එසේ මතකය අවදි කරන්නේ රොෂේන්ගේ මව  ය. ඇය පවසන අන්දමට සිදුවීමෙන් දින කිහිපයකට පසු ඔවුන් කැඳ වූ ජනාධිපතිවරයා රොෂේන් ඇතුළු හිංසනයට ගොදුරු වූ සැමට වන්දි පිරිනැමීමටද, අධිකරණ ක්‍රියාවලියක් තුළින් යුක්තිය ඉටු කිරීමටද පොරොන්දු වී ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් නඩු දෙකක් පැවරුණු අතර එක් නඩුවක් එකල යුක්ති විරහිතව අවසන් විය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුව පැවරූ නඩුව තවමත් විභාග වෙමින් පවතී.  සුවිශේෂී කරුණක් වන්නේ සිදුවීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ ඒකපුද්ගල කොමිසමයි.  හිටපු විනිසුරු මහානාම තිලකරත්න කොමිසමේ එකම සාමාජිකයා වූ අතර ඔහු ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නැත. රොෂේන් වෙනුවෙන් යුක්තිිය ඉටු කරවා ගැනීම උදෙසා මාස 68ක් පුරාවට පැවති විරෝධතා අවසන මහානාම තිලකරත්න වාර්තාව පරිශීලනය සඳහා ලබා ගැනීමද වෙනමම අරගලයකි. ඩා බිඳු සාමුහිකයේ චමිලා තුෂාරි සහ රොෂේන්ගේ මව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ප්‍රතික්ෂේප වූ අතර පසුව තොරතුරු කොමිසමේ මැදිහත්වීම මත එය ලබා ගන්නට පුලුවන් විය.

යහපාලනයත් කරපු දෙයක් නෑ

“මේක සම්බන්ධ අවාසනාවන්ත තත්ත්වය තමයි දේශපාලනඥයො මේ ඝාතනය සහ එදා සිදු වූ හිංසන වාසියට යොදා ගැනීම” සමාජ ක්‍රියාධර සරත් ඉද්දමල්ගොඩ පියතුමා එලෙස පැවසුවේය. “යහපාලන ආණ්ඩුවත් බලයට එද්දි මේවා ගැන හොයා බලනවා කියලා පොරොන්දු වුණා. හැබැයි බලයේ හිටපු අවුරුදු පහේදී යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කිසිම වැදගත් පියවරක් ගත්තේ නැහැ. එදා සිදු වුණුු අරගල හරිම වැදගත්. මොකද ඒකෙන් තමයි මේ දහස් ගණනක් සේවකයන්ගේ අයිතීන් රැකුණේ. හැබැයි මේ සමාජය ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කළේ නැහැ” පියතුමා කම්පාවෙන් පැවසුවේය.

“දැන් පුතා  මරලා අවුරුදු දහයක්. වන්දි නෙවෙයි කාරණාව ඒ මරා දැමීම වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ වුණේ නැහැ. අම්මා කෙනෙක් විදියට මට තියෙන්නේ ඒ වේදනාව. එදා පහර කෑමට ලක් වුණු දරුවො කාටවත් යුක්තිය ඉටු වුණේ නැහැ. සමහරුන්ට රස්සා නැති වුණා” රොෂේන්ගේ මව සිය කම්පාව පළ කළේ එසේය. 

නිදහස් වෙළඳ කලාපයේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ගණනාවක් මේ අනුස්මරණ වැඩසටහනට එක් විය.  එහිදී අදහස් දැක් වූ ඩා බිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පැවසුවේ දසවසරකට ඉහත සිදු වූ මේ සිදුවීම ලංකාවේ වෘත්තීය සටන් ඉතිහාසයේ අඳුරු දිනයක් බවයි. “පොලීසිය විතරක් නෙවෙයි එදා දේශපාලකයන්ගේ මැරයොත් කම්කරුවන්ට ගහන්න හවුල් වුණා.  ඔවුන් කාන්තාවන්ටත් අමානුෂික ලෙස පහර දුන්නා. මට මතකයි මාස දෙකක ගැබිණියකගේ උදරයට පොලීසිය පයින් පහර දුන්නා. ඇයට කුසේ හිටිය දරුවා අහිමි වුණා. ඊටපස්සේ කවදාවත් දරුවො ලබන්න බැරි වුණා. දරුවන් නැති නිසා පස්සෙ ස්වාමි පුරුෂයා ඇයව දාලා ගියා. මේ වගේ කතා රාශියක් එදා සිද්ධ වුණා. ඔවුන් කිසි කෙනෙකුට යුක්තිය ඉටු වුණේ නැහැ.”

මෙම සංවාදයට වාණිජ හා කාර්මික සේවක සංගමය, වමේ හඬ, රෙඩ්, රෙදිපිළි, ඇගලුම්, නිමි භාණ්ඩ හා කර්මාන්ත කම්කරුවන්ගේ සංගමය, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, ස්ටෑන්ඩ් අප් මූව්මන්ට්, විමුක්ති ව්‍යාපාරය, ඇතුළු සංවිධාන ගණනාවක් සහභාගී වූහ. ඔවුන් සියලු දෙනා යුක්තිය උදෙසා මෙම අරගලය ඉදිරියට ගෙන යාමට සපථ කළහ.

ලසන්ත ද සිල්වා  

Chamila Thushari, the head of the programs of “Da Bindu Collective” saying there isn’t enough responsibility from companies   on workers of Katunayaka and other free trade zones as well as Northern Province.  While rising the number of Covid-19 affected workers, companies don’t take much actions to buildup sanitary facilities or leave to workers says Chamila Thushari.  This is her idea of the current situation.

How travel bans and leave policies under the current situation affect the FTZ workers?

If lockdown the country under Covid-19, they think inevitably running factories. It is an essential service or not is another fact. Even they will order to work after getting infection more workers. Authorities said that, has a travel ban but workers can go to the factories. An incident happened north, authorities stopped buses transporting workers from Mulativu to Kilinochchi due to the Covid-19. But commonly, it must be given the leave to this workers.  On the other hand, they must have been quarantine facilities if affected.    

How do you describe the shady situation of running these factories?

State institutions and other private sectors are calling only 25% of their workforce. These people did it only first phase. At least reports 25 cases after 100 PCRs. The Situation becoming dangerous in every trade zones. There were 400 positive cases of a 2500 group of one factory. There are 200-300 daily case reports in Biyagama also. One area of Biyagama was lock downed. While running the lockdown, workers must go to work. They facing a lot of struggles in their boarding places also. Like the previous phase, minimally not has been exhibit a notice that mentions a place quarantine. On that, the pandemic will be a disaster. Why I am saying that because there are many workers from several factories who live in one boarding place. After getting the disease, they are facing to transport too far areas like Jaffna. Facilities are very low in that places. There will generate new struggles to others that after came back quarantined people. Not has a common policy is the main problem.            

Can manage the economy and job security if taking their service as a roster?  

Can’t. We saw failures of roster system. 13 November of last year ILO said to the government that must be directed to establish Covid-19 preventing committees in every factories. Only two factories have taken action on these guidelines. For that reason the pandemic was got worst in other places. There was not 01- meter distance also that guided by the health sector. After getting sick a person, from the line only one who works very closely will be getting leave but others are working. All are using the same canteen and go on the same bus without properly distance. No enough sanitary facilities in the Boarding place. They are using common lavatories and wells. We have not learned lessons even after one year of experience.

Do you have any suggestions for this?      

The suggestion is the closing all factories for some period with salary leave to workers. Or, factories must be running after establish recognized standards. A quarantine process must be done in the working district. If many people get sick or died can’t run any factory. On giving the accommodation in the factory premises that is not spread disease to other factories. A worker who I know infected and wasn’t sent to quarantine. Others of her boarding place who work several factories are sharing the bath tap and lavatory. Pregnant mothers and children are living in some of these boarding houses. 40 people were positive Covid-19 in such a place. That is the reason we are saying that factories must be responsible for their workers in this phase. Another injustice is wage-cutting of comers after quarantine. They have lost salaries during the quarantine period.      

Lasantha De Silva      

සිංහලෙන් කියවන්න    

කටුනායක හා අනෙකුත් නිදහස් වෙළඳ කලාපවල මෙන්ම උතුරේත් ඇඟලුම් හා වෙනත් කර්මාන්තවල ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අදාල ආයතන ප්‍රමාණවත් වගවීමෙන් යුක්තව කටයුතු නොකරන බව ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් ප්‍රධානී චමිලා තුෂාරි පවසනවා.  මේ වන විට කොවිඩ්-19 රෝගයට ගොදුරු වන සේවක පිරිස ඉහළ යද්දී ඔවුන් වෙත නිවාඩු ලබා දීමට හෝ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව සැපයීමට පියවර ගෙන නැති බවයි ඇය පවසන්නේ. මේ පවතින තත්ත්වය ගැන, චමිලා තුෂාරි පළ කළ අදහස්.

May be an image of 1 person

මේ අවස්ථාවේ පනවන සංචරණ සීමා, ලබාදෙන නිවාඩු ආදිය නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන්ට බලපාන්නේ කොහොමද?

රට ලොක්ඩවුන් කළත් ආයතන වැඩකිරීම අනිවාර්යයි. අත්‍යවශ්‍ය සේවා හැටියට ඒවා පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. කීදෙනෙක් පොසිටිව් වුණත් වැඩ කරන එක අනිවාර්ය කරලා තියෙනවා. සංචරණ සීමා තිබ්බත් ඒ අයට යන්න පුලුවන් කියලා බලධාරින් කිව්වා. උතුරේ එක සිදුවීමක් වුණා. මුලතිව් සිට කිලිනොච්චියට සේවකයින් ප්‍රවාහනය කරන බස් වගයක් නම් නැවැත්තුවා. පිරිසකට කොවිඩ් ආසාදනය වීම නිසා.  නමුත් පොදුවේ ගත්තම මේ ළමයින්ට නිවාඩු දෙන්න ඕන. සංචරණ සීමා භාවිතා කරල ඔවුන් ගම්වලට යන එක වළක්වන්න පුලුවන්නෙ. නිරෝධායන කටයුතු කරලා.

වෙළඳකලාපවල කර්මාන්ත ශාලා විවෘත කර තැබීම නිසා මතුවන්නේ මොන වගේ අයහපත් තත්ත්වයක්ද?  

අනෙක් රාජ්‍ය හරි පුද්ගලික ආයතනවල හරි ගෙන්වන්නෙ සේවකයෝ සියයට 25. මේ කම්හල්වල එහෙම කළේ මුල් කාලෙ විතරයි. දැන් එහෙම නොකරන නිසා බරපතල තත්ත්වයක් මතු වෙනවා. සියයකට පීසීආර් කළොත් විසිපහක්වත් පොසිටිව් වෙනවා.  සියලුම වෙළඳ කලාපවල තත්ත්වය බරපතල වෙමින් තියෙනවා. එක කම්හලක 2500ක සේවක පිරිසෙන් හාරසියයක් පොසිටිව් වුණා. දවස් දෙකකට උඩදි. බියගම පවා දවසකට දෙතුන් සියය පොසිටිව් වෙනවා.  බියගම එක ප්‍රදේශයක් ලොක්ඩවුන් කළා. ඒ තියෙද්දි ළමයි වැඩට යන්න ඕන. නවාතැන් ස්ථානවලත් ප්‍රශ්න. කලිං වගේ නිරෝධායන වෙන ස්ථානයකි කියල කොළයක්වත් අලවන්නෙ නැහැ. එහෙම වුණාම රෝගය පැතිරෙන්න පුලුවන්. මොකද එක බෝඩිමක කර්මාන්ත ශාලා කිහිපයක සේවකයෝ ඉන්න පුලුවන්.  රෝගය වැළඳුනාම මේ පිරිස ගෙනියන්නෙ යාපනය වගේ ඈත තැන්වලට. ඒ තැන්වල පහසුකම් අඩුයි. දවස් කිහිපයකින් නැවත ගෙනැල්ල දැම්මම බෝඩිම්වල අනෙක් අයටත් ගැටලු මතු වෙනවා.  නිසි ප්‍රතිපත්තියක් නැති එකයි ගැටලුව.

සේවා මුර ක්‍රමයකට ඔවුන්ගේ සේවය ලබා ගත්තොත් රැකියා සහ ආර්ථිකය කළමනාකරණය කර ගන්න පුලුවන්ද?

බැහැ. සේවා මුර ක්‍රමය අසාර්ථකයි කියල පෙනුනා. ගිය අවුරුද්දෙ නොවැම්බර් 13 ජාත්‍යන්තර කම්කරු සංවිධානය ආණ්ඩුවේ බලධාරීන්ට කිව්වා හැම ආයතනයකම කොවිඩ් නිවාරණ සෞඛය කමිටු පිහිටුවන්න කියලා. ඒ අනුව කටයුතු කරලා තිබ්බෙ ආයතන දෙකයි. අනෙක් තැන්වල ඒකනෙ ප්‍රශ්න මතු වුණේ. නියමිත මීටරයේ පරතරයවත් තිබ්බෙ නැහැනෙ.  දවස් තුනකට සැරයක්වත් විෂබීජහරණය කරන්නෙ නැහැ. ලයින් එකක කෙනෙක් ලෙඩ වුණොත් ආසන්න කෙනා විතරයි අයින් කරන්නෙ අනෙක් අය වැඩ. හැමෝම කැන්ටිමට යන්නෙ එකට බස් එකට එන්නෙ එකට. බස්වල අවශ්‍ය පරතරය නැහැ. බෝඩිමේ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැහැ. පොදුවේ තමයි වැසිකිළි භාවිතා කරන්නේ.  අවුරුද්දක අත්දැකීම්වලින් අපි පාඩමක් ඉගෙන ගෙන නැහැ.

මොකක්ද ඔබ මේ සඳහා යෝජනා කරන විසඳුම?

විසඳුම තමයි කිසියම් සුදුසු කාල සීමාවක් වැටුප් සහිත නිවාඩු දීලා කර්මාන්ත ශාලා වසා තැබීම. නැතිනම් නියමිත ප්‍රමිතීන් සම්පාදනය කරලා සේවකයින්ට නවාතැන් පහසුකම් එහෙමත් කර්මාන්ත ශාලා තුළ දීලා ඒවා පවත්වා ගෙන යන එක. නිරෝධායන ක්‍රියාවලිය අදාල දිස්ත්‍රික්කය තුළ කරන්න ඕන. වැඩි පිරිසක් ලෙඩ වෙලා මරණයට පත් වුණොත් කර්මාන්තය කොහොමවත් පවත්වා ගෙන යන්න බැහැනෙ. කර්මාන්ත ශාලා තුළම නවාතැන් දුන්නොත් රෝගය වෙනත් කර්මාන්ත ශාලාවලට පැතිර යන්නේ නැහැ. මං දන්න එක ළමයෙක් කොවිඩ් පොසිටිව් වුණා. එයා නිරෝධායනට යොමු කළේ නැහැ. ඒ බෝඩිමේ ඉන්න වෙනත් ආයතනවල සේවය කරන අයට ඇය සමග නාන ළිඳ, වැසිකිලිය බෙදාගන්න සිද්ධ වුණා.  මේ සමහර බෝඩිම්වල දරුවො, ගර්භනී මව්වරු ඉන්නවා. එහෙම තැනක 40ක් පොසිටිව් වුණා.  අපි කියන්නේ මේ පාර නම් ආයතන තමන්ගේ සේවක පිරිස් ගැන වගකීම ගන්න ඕන. දැන් අපි කරන්නෙ අස්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. තව අසාධාරණයක් තමයි නිරෝධානයට යොමුවෙන ළමයි නැවත වැඩට ආවම ඒ හිටපු දවස්වලට එයාගෙ වැටුප් කපා දමන එක. ඒක හරිම අමනුස්ස වැඩක්. 

සටහන – ලසන්ත ද සිල්වා

To the GoSL & Factory Owners/Employers;

– Prioritize ALL workers in the FTZ and apparel supply chain for COVID-19 vaccination, both in the western province and the rest of the country. This should include both regular employees as well as employees from the Manpower agencies. Set up vaccination centers at health facilities near the zones, and at the gates of the different Free Trade Zones (FTZ). Have a target of vaccinating all workers within a two week period.

– Put in place a systematic random PCR testing programme across all factories, and immediately take measures to trace, isolate and transport workers who test positive and their first contacts, to quarantine centres. The workers should be informed of the COVID-19 infection situation at their respective factory on a daily basis.

– Provide quarters within each respective factory or the Zone, exclusively for FTZ workers (including Manpower workers), so that there are no delays in transporting workers from hostels to quarantine centres, citing a lack of space. Factory owners need to take much more responsibility to protect their workers. For those workers to whom the factories are unable to provide dedicated living quarters, ensure that practical safety measures are supported in the boarding houses. These places where workers from different factories co-habit must be provided with adequate facilities to maintain COVID-19 safety precautions.

– Workers who are forced into quarantine centers or self-isolation due to being exposed to COVID-19 infection at their work place, on the way to work, or at their boarding house, must be given full pay for quarantine days, and no reduction in attendance bonus and other related incentives. Any quarantine related expenses must be reimbursed by factory owners to the workers.

If a factory or part of the factory is closed due to high COVID-19 prevalance, the workers must be paid in full for the month, and any Manpower workers who have been on the roster for the month must be compensated adequately. Workers who are in quarantine should not be subject to ‘No Pay Leave’. Workers who are considered to be at risk due to their condition, should not be forced to come to work during the period. This may include for example pregnant women, workers with diabetes and other non-communicable disease that may be co-morbidities and increase risk of serious illness. They should be paid in full during the period.

– Rs. 5,000 monthly relief ration packs should be distributed to all workers, starting with unemployed Manpower and non-permanent workers. Grama Sevakas must be given clear instructions to not limit assistance to election registration lists, as workers are not included in these lists.

– Ensure that all factories strictly adhere to health and safety guidelines, such as, regular checking of temperature of workers, work space and machinary lay-out that maintains recommended distance between workers, regular sanitizing of machines, surfaces and raw materials, providing PPE for all workers, washing hands regularly etc.

– Ensure that PHI, Labour officers and BOI officers regularly monitor the adherence to the systematic PCR testing and safety measures and remuneration plans recommended above.

– Put in place Health Committees in each factory that has adequate worker representation.

– Immediately put in place a COVID-19 Management Forum in each Zone, consisting of manufacturer representatives, worker representatives, a PHI/health authority representative, a Labour Department representative and a BOI representative that conduct daily online meetings to raise, discuss and deal with worker health concerns.

– Convene a weekly multi-stakeholder online forum between Labour Department, BOI officials, Joint Apparel Association Forum (JAAF), worker representatives and women’s organizations working in the Zone, to raise, discuss and deal with worker issues that arise during the period.

– Put in place a special health hotline that workers can call for information and counseling regarding COVID-19 infection and response measures.

To Brands/Buyers;

– The buyers should pay a premium for production during lockdown/restricted periods. The benefit of this premium should directly reach the workers.

– The buyers should include COVID-19 safety measures in their buyer’s code, and in their periodic audits.

Had been elapsed 10 years after killing Roshen Chanka who urged workers’ rights and freedom. Roshen’s mother saying that, while after 10 years, the Commemoration of her child will have happened in a background without justice.  

21 years old Roshen Chanaka who is a worker of FTZ murdered by police gunshot on 30th May 2011. The despoilment of his life was happened on the attack by the government, targeted unarmed protest of innocent FTZ workers.

Da Bindu Collective and the coalition of FTZ will be gathering to celebrate his 10 years commemoration.  The commemoration will be held on the 01st of June at Katunayake with the honorary participation of Roshen’s mother.  

In an online discussion, the coalition of FTZ pointed out that Roshen is an unsung hero of the working people of FTZ. Not only was the non-compliance of the justice for his murder also a struggle to get the report of the Mahanama Tilakarathne commissions which is examined the case. Finally used the RTI act to get the report.

සිංහලෙන් කියවීමට ඡායාරූපය මත ක්ලික් කරන්න

වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටි වරදට වෙඩි තබා රොෂේන් චානක ඝාතනය කර දස වසරක් ඉක්ම ගොස් ඇත. දස වසරකට පසුවත් තම පුතුගේ ඝාතනය ගැන සිහිපත් කරන්නට සිදුව ඇත්තේ යුක්තිය ඉටු නොවූ පසුබිමක බව පවසන්නේ රොෂේන්ගේ මව ය.

21 හැවිරිදි රොෂේන් පොලිස් වෙඩි පහරින් ඝාතනය වූයේ 2011 මැයි 30 වෙනිදාය. අහිංසක කම්කරුවන්ගේ නිරායුධ විරෝධයට එල්ල වූ ආණ්ඩුවේ ප්‍රහාරය ඔහු ගේ පණ නල උදුරා ගන්නා ලදී.

දස වසරකට පසු ඔහුගේ ඝාතනයේ වේදනාව අනුස්මරණය කරන්නට ඩා බිඳු සාමූහිකය හා නිදහස් වෙළඳ කලාප සහයෝගීතාව තීරණය කොට ඇත. එළඹෙන ජූනි 01 වෙනිදා කටුනායකදී පැවැත්වෙන එම සැමරුමට රොෂේන්ගේ මව ද එක් වනු ඇත.

පසුගියදා පැවති මාර්ගගත සාකච්ඡාවකදී මෙම සංවිධාන නියෝජිතයන් අවධාරණය කළේ සමස්ත වැඩකරන ජනයා හමුවේ රොෂේන් වීරයෙකු බවයි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවූවා පමණක් නොව ඒ පිළිබඳව සොයා බැලූ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව ලබා ගැනීමටද අරගල කරන්නට සිදු විය. අවසානයේ එම වාර්තාව ලබා ගත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරමිනි.

SRI LANKA Mother of killed Catholic worker wants justice for all victims of  police

The Da Bindu Collective strongly condemn the government’s move to stop May Day celebrations under the cloud of the Covid-19 epidemic, which are rallying to make sense of working people winning their rights.

Although measures should be taken at this juncture to prevent the spread of the epidemic and save the people of the country from danger, the failure to take appropriate action at the real time and disobeying the instructions given by the health sector has led to a serious situation. What has been done is a violation of the rights of all working people, while the government authorities have to take responsibility for it.

In the past two years, too, the authorities have been using the pretext of the Easter terror attack and the Covid pandemic to stop May Day celebrations.

The Dabindu Collective emphasizes that workers in free trade zones have been the hardest hit by the Covid epidemic. During the first and second waves of the epidemic, many workers were quarantined and some factories closed. As a result, wages and benefits were slashed, and Man Power workers are still suffering.

Immunization to protect the entire working population from the pandemic has not yet been completed.

According to Central Bank reports, while companies make profits even during job cuts, that the governments, failure to protect employers should condemn.

In such a context, emphasizing the need to promote health care facilities in the work environment, the Da Bindu Collective urges the authorities to ensure the independence of trade unionism, social security, job security as well as opportunities to enjoy service benefits.

සිංහලෙන් කියවීමට සබැඳිය මෙහි ක්ලික් කරන්න

වැඩ කරන ජනතාව සිය අයිතීන් දිනා ගැනීම අර්ථවත් කිරීම සඳහා පෙළ ගැසෙන මැයි දින සැමරුම් කොවිඩ් -19 වසංගතයට මුවා වී නවතා දැමීමට ආණ්ඩුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඩා බිඳු සාමූහිකය බලවත් විරෝධය පළ කරයි.  වසංගත ව්‍යාප්තිය වළක්වා ගනිමින් රටේ ජනයා අවදානමෙන් මුදා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ මොහොතේ කළයුත්ත වුවත් නිසි අවස්ථාවේ සුදුසු ක්‍රියාමාර්ග නොගනිමින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිනොපදිමින් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් උද්ගත වීමට හේතුව විය. එහි වගකීම ආණ්ඩුවේ බලධාරීන්ගේ භාර ගත යුතුව තිබියදී සිදු කොට ඇත්තේ සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමයි.

පසුගිය වසර දෙකෙහිදී ද පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට මුවා වෙමින් හා කොවිඩ් වසංගතය හේතුවක් ලෙස දක්වමින් මැයි දින සැමරුම් අවස්ථා අහිමි කිරීමට පාලකයෝ ක්‍රියා කළහ.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා වඩාත් පීඩාවන්ට ගොදුරු වූයේ නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ශ්‍රමිකයන් බවද ඩා බිඳු සාමූහිකය අවධාරණය කරයි.  වසංගතයේ පළමු හා දෙවැනි රැළිවලදී බොහෝ සේවක පිරිසක් නිරෝධායනයට යොමු කළ අතර ඇතැම් කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු විය.  එහි ප්‍රථිඵලයක් ලෙස සේවක වැටුප් හා දීමනා කප්පාදු කළ අතර අදටත් මෑන් පවර් සේවකයෝ පීඩාවට පත් ව සිටිති.

සමස්ත වැඩ කරන ජනයා වසංගතයෙන් මුදා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මේ දක්වා සම්පූර්ණ කර නැත.

මහ බැංකු වාර්තා  පෙන්වා දෙන අන්දමට සේවා කප්පාදුව අතරතුර පවා සමාගම් ලාබ උපයා තිබියදී රජය කම්කරුවන් නොසළකා හැරීම හෙළා දැකිය යුතුය.

එවැනි පසුබිමක රැකියා පරිසරය තුළ සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් ප්‍රවර්ධනය කළ යුතු බව අවධාරණය කරන ඩා බිඳු සාමූහිකය  සමාගමයේ නිදහස තහවුරු කිරීම, සමාජ සංරක්ෂණය, රැකියා සුරක්ෂිත බව වර්ධනය කිරීම මෙන්ම සේවා ප්‍රතිලාභ භුක්ති විඳීමට අවස්ථා  ලබා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

The Da Bindu Collective wishes a Happy New Year to all working people, including workers in free trade zones.

According to tradition, Sri Lankan People celebrate the dawn of the New Year in April every year, this year against the backdrop of people suffering from the Covid 19 disaster. The Da Bindu Collective points out that the most affected are those with fewer privileges groups who are working in and outside of free trade zones.

Thousands of women and men, especially those working in garment factories, have been deprived of their trade union rights. Under the guise of the Covid epidemic, regulators have called for no increase or cuts in workers’ wages.

Workers hadn’t receive bonuses or festival advances as in other years. The Da Bindu Collective points out that While the Central Bank reports confirm that garment – related income and profits have increased in the country, those benefits are not being passed on to employees.

According to the Clean Clothes Campaign, Covid 19 has slashed the benefits of garment workers by 40 percent under the guise of disaster. Two Sri Lankan apparel industries have applied for a Rs. 50 billion loan from I International Financial Corporation. As a result, state authorities are trying to cover up the investigation reports on the malpractices of the relevant industries.

The Da Bindu Collective says it had to contact lenders to these companies through the Common Wage Movement for Asia. The Da Bindu Collective called for the provision of facilities, especially for the majority of working women, and for their involvement in ensuring trade union freedom.

Workers have also fought to get their pay raises and leave issues, as well as to join unions, but many have been laid off. Joining a union is a fundamental right of workers, but factory managers have ignored that right. The Da bindu Collective also points out that austerity measures will not bring a happy new year for workers while factories earning high profits as reported by the Central Bank.

සිංහලෙන් කියවන්න සබැඳිය

නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ශ්‍රමිකයන් ද ඇතුළුව සමස්ත වැඩ කරන ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන බව ඩා බිඳු සාමූහිකය පවසයි.

සම්ප්‍රදායනුකූලව ශ්‍රී ලංකා වාසීන් සෑම වසරකම අප්‍රේල් මාසයේ නව අවුරුදු උදාව සමරන අතර මෙවර කොවිඩ් 19 ව්‍යසනයෙන් ජනතාව පීඩා විඳින පසුබිමක එය සමරන්නට සිදුව තිබේ. ඩා බිඳු සාමූහිකය පෙන්වා දෙන්නේ එහිලා වඩාත් පීඩාවට පත් වූ පිරිස නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ ඉන් පිටතද අඩු වරප්‍රසාද සහිතව සේවය කරන පිරිස බවයි.

විශේෂයෙන් ඇගලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන දහස් ගණනක් කාන්තා හා පිරිමි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් අහිමි කොට හෝ කප්පාදු කර ඇත. කොවිඩ් වසංගතයට මුවා වී සේවකයන්ගේ වැටුප් වැඩි නොකර සිටීමට හෝ කප්පාදු කිරීමට පාලකයන් ක්‍රියා කොට ඇත. වෙනත් අවුරුදුවල ලබාදෙන බෝනස් හෝ උත්සව අත්තිකාරම් ලබා දී නැත.  ඩා බිඳු සාමූහිකය පෙන්වා දෙන්නේ මෙරට ඇගලුම් ආශ්‍රිත ආදායම හා ලාභය වර්ධනය වී ඇති බව මහ බැංකු වාර්තා මගින් සහතික කර තිබියදී එම ප්‍රතිලාභ සේවකයන් ට ලබා නොදෙන බවයි. පිරිසිදු ඇගලුම් ව්‍යාපාරය පවසන අන්දමට කොවිඩි ව්‍යසනයට මුවා වී මෙරට ඇගලුම් සේවක ප්‍රතිලාභ සියයට 40කින් කප්පාදු කර ඇත.  අයි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් කෝපරේෂන් වෙතින් මෙරට ඇගලුම් කර්මාන්ත දෙකක් රුපියල්  බිලියන 50ක ණය ඉල්ලා ඇත. ඒ හේතුවෙන් අදාල කර්මාන්තවල ක්‍රියාකලාප ගැන පරීක්ෂණ වාර්තා යට ගැසීමට රාජ්‍ය බලධාරීන්ද උත්සාහ ගනිමින් සිටී. 

ආසියාවට පොදු වැටුප් ව්‍යාපාරය මගින් මෙම සමාගම්වලට ණය දෙන ආයතන අමතන්නට තමන්ට සිදු වූ බවද ඩා බිඳු සාමූහිකය පවසයි.  විශේෂයෙන් බහුතර ශ්‍රමික කතුන්ට පහසුකම් සපයන ලෙසද, වෘත්තීය සමිති නිදහස තහවුරු කරන්නට මැදිහත් වන මෙන්ද ඩා බිඳු සාමූහිකය මෙහිදී ඉල්ලා ඇත.

කම්කරුවන්ද සිය වැටුප් වර්ධක ලබා ගැනීමට හා නිවාඩු ගැටලු විසඳා ගැනීමට මෙන්ම වෘත්තීය සමිති හා එක්වීමට සටන් කර තිබෙන නමුත් එවැනි බොහෝ පිරිස් රැකියාවලින් නෙරපා හැර ඇත. වෘත්තීය සමිතියකට බැඳීම කම්කරුවන්ගේ මූලික අයිතියක් වන නමුත් කර්මාන්ත ශාලාවල පාලකයෝ ඒ අයිතිය නොසළකා හැර ඇත. මහ බැංකු වාර්තාවලින් පෙනී යන අන්දමට කර්මාන්ත ශාලා පාඩු නොලබන පසුබිමක කම්කරුවන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම තුළ ඔවුන්ට සුබ නව වසරක් උදා නොවන බවද ඩා බිඳු සාමූහිකය පෙන්වා දෙයි.

to top