A Community Kitchen was hold for the 5th time by Dabindu Collective on 25th September 2022 at Dabindu Office. The event was conducted for the apparel sector workers who are getting the lowest income & Single mothers. This also one of the big achievement for us.

டாபிந்து கலெக்டிவ் மூலம் 5வது முறையாக சமூக சமையலறை 2022 செப்டம்பர் 25 அன்று டாபிந்து அலுவலகத்தில் நடைபெற்றது. மிகக் குறைந்த வருமானம் பெறும் ஆடைத் துறைத் தொழிலாளர்கள் மற்றும் ஒற்றைத் தாய்மார்களுக்காக இந்நிகழ்வு நடத்தப்பட்டது. இதுவும் எமது சாதனைகளில் ஒன்றாகவே நாம் கருதுகின்றோம்.

ඩාබිඳු සාමූහිකය විසින් පොදු කුස්සිය 5වන වරටත් සැප්තැම්බර් 25 වන දින ඩාබිඳු කාර්යාලයේදී පැවැත්විණි. අඩුම ආදායම් ලබන ඇඟලුම් අංශයේ සේවකයන් සහ තනිකඩ මව්වරුන් වෙනුවෙන් මෙම උත්සවය පවත්වන ලදී. මෙය අපගේ එක් ජයග්‍රහණයක් ලෙස අපි සලකමු.

Dabindu Collective has conducted one day Awareness Program in Katunayake on 25th September 2022. The event was hold for apparel sector women workers. While the participants were encouraged to share their thoughts, group activities & discussions.

ඩාබිඳු සාමූහිකය විසින් 2022 සැප්තැම්බර් 25 වැනි දින කටුනායකදී එක් දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම උත්සවය ඇඟලුම් අංශයේ කාන්තා සේවිකාවන් සඳහා පැවැත්විණි. ඔවුන්ගේ අදහස්, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සාකච්ඡා බෙදා ගැනීමට සහභාගිවන්නන් දිරිමත් කරන ලදී.

டாபிந்து கூட்டமைப்பானது ஒரு நாள் விழிப்புணர்வு நிகழ்ச்சியை 2022 செப்டம்பர் 25 அன்று கட்டுநாயக்கவில் நடத்தியது. ஆடைத் துறையில் பணிபுரியும் பெண் தொழிலாளர்களுக்கான இந்த நிகழ்ச்சி நடைபெற்றது.பங்கேற்பாளர்கள் தங்கள் எண்ணங்கள், குழு நடவடிக்கைகள் மற்றும் விவாதங்களைப் பகிர்ந்து கொள்ள ஊக்குவிக்கப்பட்டனர்.

Conducted one day C-190 Awareness Raising Program in Vavuniya North Sector. The program was conducted to know about the C-190 rules and lessons. They trained about the convention 190 rules and got the knowledge about the harassment and Violence.

வவுனியாவில் ஒரு நாள் C-190 விழிப்புணர்வு நிகழ்ச்சி நடத்தப்பட்டது. C-190 விதிகள் மற்றும் பாடங்களைப் பற்றி தெரிந்துகொள்ள நிகழ்ச்சி நடத்தப்பட்டது. அவர்கள் C -190 மாநாட்டு விதிகள் பற்றி பயிற்சி அளிக்கப்பட்டதோடு , துன்புறுத்தல் மற்றும் வன்முறை பற்றிய அறிவைப் பெற்றனர்.

වවුනියාව උතුරු අංශයේ C-190 දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් පවත්වන ලදී. C-190 නීති රීති සහ පාඩම් පිළිබඳව දැනුවත් සඳහා මෙම වැඩසටහන පවත්වන ලදී. ඔවුන් C-190 සම්මුති විධිවිධාන පිළිබඳව පුහුණුව ලැබූ අතර හිරිහැර සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුම ලබා ගත්හ.

We are proudly saying that, Our Dabindu Collective has conducted five programs in one day. A one & half day residential workshop was conducted from the 24th &25th September 2022 in North Sector for Tamil Youth Men and Women Participants from Kilinochchi & Vavuniya. The series was conducted for developing the Leadership skills , Discussing the practical leanings and group activities . The participants were encouraged to share their opinions.

අපි ආඩම්බරයෙන් කියන්නේ අපේ ඩාබිඳු සාමූහිකය එක දවසක් තුළ වැඩසටහන් පහක් පවත්වලා තියෙනවා. 2022 සැප්තැම්බර් 24 සහ 25 දින සිට කිලිනොච්චිය සහ වවුනියාව ප්‍රදේශයේ දෙමළ තරුණ පිරිමි සහ කාන්තා සහභාගිවන්නන් සඳහා උතුරු අංශයේ දින එකහමාරක නේවාසික වැඩමුළුවක් පවත්වන ලදී. නායකත්ව කුසලතා වර්ධනය කිරීම, ප්‍රායෝගික නැඹුරුව සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මාලාව පවත්වන ලදී. සහභාගිවන්නන් ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට දිරිමත් කරන ලදී.

எங்கள் டாபிந்து கூட்டமைப்பானது ஒரே நாளில் ஐந்து நிகழ்ச்சிகளை நடத்தியிருப்பதில் பெருமை கொள்கிறோம். 2022 செப்டெம்பர் 24 மற்றும் 25 ஆம் திகதிகளில் இருந்து கிளிநொச்சி மற்றும் வவுனியா பிரதேசத்தைச் சேர்ந்த தமிழ் இளைஞர்கள் ஆண் மற்றும் பெண் பங்கேற்பாளர்களுக்காக வடக்குப் பகுதியில் ஒன்றரை நாள் வதிவிடப் பட்டறை நடத்தப்பட்டது. தலைமைத்துவ திறன் மேம்பாடு, நடைமுறை நோக்குநிலை மற்றும் குழுப்பணி பற்றி கலந்துரையாட இந்தத் தொடர் நடத்தப்பட்டது. பங்கேற்பாளர்கள் தங்கள் கருத்துக்களைப் பகிர்ந்து கொள்ள ஊக்குவிக்கப்பட்டனர்.

Successfully celebrated the 38th Anniversary and The Annual General Meeting of Dabindu Collective Organization on 18th September 2022 at White Palace, Kurana, Negombo.We express our thanks to the Dabindu Director Board, CSO Members, Apparel Sector Workers, Trade Union Members , Dabindu Team & Everyone who gave the support to do the program well.

ඩාබිඳු සාමූහික සංවිධානයේ 38 වැනි සංවත්සරය සහ වාර්ෂික මහ සභා රැස්වීම 2022 සැප්තැම්බර් 18 වැනි දින මීගමුව කුරණ වයිට් පැලස් හිදී සාර්ථකව සමරන ලදී. ඩාබිඳු අධ්‍යක්ෂ මණ්ඩලයට, CSO සාමාජිකයින්ට, ඇඟලුම් අංශයේ සේවකයින්ට, වෘත්තීය සමිති සාමාජිකයින්ට, ඩාබිඳු කණ්ඩායමට සහ වැඩසටහන සාර්ථකව සිදුකිරීමට සහයෝගය දුන් සැමට අපගේ ස්තුතිය පුදකර සිටිමු.

டாபிந்து கூட்டமைப்பின் 38வது ஆண்டு விழா மற்றும் ஆண்டுப் பொதுக் கூட்டம் 18 செப்டம்பர் 2022 அன்று நீர்கொழும்பு குரனவில் உள்ள வயிட் பலஸ் இல் வெற்றிகரமாகக் கொண்டாடப்பட்டது.
டாபிந்து பணிப்பாளர் சபை, CSO உறுப்பினர்கள், ஆடைத் துறைத் தொழிலாளர்கள், தொழிற்சங்க உறுப்பினர்கள், டாபிந்து குழு மற்றும் நிகழ்ச்சியை சிறப்பாகச் செய்ய ஆதரவளித்த அனைவருக்கும் எங்கள் நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம்.

The Dabindu Collective has conducted a one-and-a-half-day mobilization training program to develop the leadership, communication, team building and develop the women’s participation in Trade Union. The session was hold at White Palace, Kurana. The camp based for an apparel sector workers at Katunayake and Biyagama and it was led by Mr. Kesara Kottegoda. The women who attended this session was very useful. We thank him for facilitating the training session.

වෘත්තීය සමිතියේ නායකත්වය, සන්නිවේදනය, කණ්ඩායම් ගොඩනැගීම සහ කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා ඩාබිඳු සාමූහිකය විසින් දින එකහමාරක බලමුලු ගැන්වීමේ පුහුණු වැඩසටහනක් පවත්වනු ලදී . මෙම සැසිවාරය කුරණ වෛට් පැලස් හිදී පැවැත්වුණේය . කටුනායක සහ බියගම ඇඟලුම් අංශයේ සේවිකාවන් සඳහා කඳවුරු පැවැත් වූ අතර එය මෙහෙයවනුලැබුවේ කේසර කෝට්ටේගොඩ මහතා විසිනි. පුහුණු සැසියට සම්පත්දායක දැක්වූ කේසර මහතාට ස්තූතිවන්ත වෙමු.

தொழிற்சங்கத்தில் தலைமைத்துவம், தகவல் தொடர்பு, குழு உருவாக்கம் மற்றும் பெண்களின் பங்கேற்பு ஆகியவற்றை மேம்படுத்துவதற்காக டாபிந்து கலெக்டிவ் மூலம் ஒன்றரை நாள் அணிதிரட்டல் பயிற்சி நடத்தப்பட்டது. இந்த அமர்வு குரண வைட் பலஸ் இல் நடைபெற்றது. கட்டுநாயக்க மற்றும் பியகம ஆடைத் துறை பெண் தொழிலாளர்களுக்கான இந் நிகழ்வை திரு.கேசர கோட்டேகொட அவர்களால் நடத்தப்பட்டது. பயிற்சி அமர்வை நிகழ்த்திய திரு.கேசராவுக்கு எமது நன்றியை தெரிவித்துக் கொள்கிறோம்.

Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content.
RSS Error: WP HTTP Error: A valid URL was not provided.
Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content.

Dabindu Collective has hold the Community Kitchen for the 4th time on 04th September 2022 at Dabindu Office. We conducted this project for low income Free Trade Zone workers. We express our thanks to Asia Floor Wage for sponsoring us to do this Social Work.

ඩාබිඳු සාමුහිකය විසින් සිව්වන වරටත් පොදු කුස්සිය 2022 සැප්තැම්බර් 04 වන දින ඩාබිඳු කාර්යාලයේදී පවත්වන ලදී. අඩු ආදායම්ලාභී නිදහස් වෙළෙඳ කලාප සේවකයන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය සිදුකරන ලදී. මෙම සමාජ සේවය ඉතා සාර්ථකව ඉටුකිරීමට අප ආයතනයට අනුග්‍රහය දැක්වූ ඒෂියා ෆ්ලොර් වෙජ් ආයතනය වෙත අපගේ ස්තුතිය පුදකර සිටිමු.

டாபிந்து கூட்டமைப்பானது சமூக சமையலறையை 4வது தடவையாக 04 செப்டம்பர் 2022 அன்று டாபிந்து அலுவலகத்தில் நடத்தியது. குறைந்த வருமானம் பெறும் சுதந்திர வர்த்தக வலய தொழிலாளர்களுக்காக இந்த திட்டத்தை நாங்கள் நடத்தினோம். இந்த சமூகப் பணியைச் செய்வதற்கு எங்களுக்கு நிதியுதவி செய்த ஆசியா ஃப்ளோர் வேஜ் அமைப்புக்கு எங்கள் நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம்.

The government has taken steps to shut down the country as the Delta strain of the Covid 19 global epidemic spreads rapidly. At the request of various parties, including the trade unions. The closure for the next 10 days from August 21, 2021 has now been extended to September 06.

It is clear that the closure of industries in free trade zones is not possible even though many public and private institutions other than essential services have been shut down. It is because of the Free Trade zones that the foreign exchange crisis we are facing at the moment can be alleviated to some extent. Addressing the nation recently, the President also emphasized the importance of keeping factories open.

However, the Da Bindu Collective emphasizes that it has not taken the necessary steps to ensure the health of workers employed in Free Trade zones across the country, which are essential for the country’s foreign exchange earnings. The Dabindu Collective said that they had faced many difficulties during the outbreak of the epidemic and called on the government to take immediate action to resolve the issue.

At a recent joint press conference with several organizations advocating for workers’ rights in free trade zones, Chamila Thushari, on behalf of the Da Bindu Collective, pointed out that the situation with regard to women workers is extremely sensitive. In a letter to Labor Minister Nimal Siripala de Silva, the groups say free trade zones, where the majority of women work, should be considered sensitive areas.

“Dollars or Human Lives?” At the press conference held in May, the participants stressed that the owners of the factories who appreciate the non-closure measures for foreign orders do not provide the basic facilities required by the workers.

Commenting on the discussion, Chamila Thushari of Dabindu Collective said that no one was interested in finding out about the workers who fell victim to the epidemic. She stressed that the authorities should take steps to protect the dignity, job security, health, and social security of those who are called to work on foreign exchange requirements at a time when the country’s economy is collapsing.

Chamila Thushari pointed out the issues

සිංහල භාෂාවෙන් කියවන්න

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යද්දී රට වසා දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවවල ඉල්ලීම පරිදිය. 2021 අගෝස්තු 21 වන දින සිට ඉදිරි දින 10ක් සඳහා කළ වසා දැමීම මේ වනවිට සැප්තැම්බර් 06 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ.

එහිදී අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් වසා දමනු ලැබූවද නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත වසා දැමීම කළ නොහැකි බව බලධාරීහු පවසති. ඒ මේ අවස්ථාවේ මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය යම්තාක් දුරකට සමනය කරගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධන කලාප මගින් නිසා විය යුතුය. එසේම පසුගියදා ජාතිය ඇමතූ ජනාධිපතිවරයාද කර්මාන්ත ශාලා විවෘත කර තැබීමේ වැදගත්කම අවධාරණය කළේය. එහෙත්, නිදහස් වෙළඳ කලාපයන්හී සේවයේ නියුතු පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම හෝ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සම්පාදනය පිළිබඳ කිසිදු අදහසක් එහිලා ප්‍රකාශ වූයේ නැත.

අපනයන ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරමින් තිබියදී, රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දෙන රට පුරා පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවයේ නියුක්ත ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අදාල අත්‍යවශ්‍ය පියවර ගෙන නොමැති බව ඩා බිඳු සාමූහිකයද අවධාරණය කරයි. වසංගතය ආරම්භක අවස්ථාවේදීද ඔවුන් බරපතල අපහසුතා රැසකට මුහුණ දුන් බව පවසන ඩාබිඳු සාමූහිකය රජයෙන් ඉල්ලා සිටින්නේ වහා මැදිහත් වී ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙසයි.

නිදහස් වෙළඳකලාපවල සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් සමග පසුගියදා පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඩා බිඳු සාමූහිකය වෙනුවෙන් චමිලා තුෂාරි පෙන්වා දුන්නේ, කාන්තා ශ්‍රමිකයන් සම්බන්ධ තත්ත්වය අතිශයින් සංවේදී බවයි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ලිපියක් යොමු කරමින් එම සංවිධාන ප්‍රකාශ කරන්නේ කාන්තාවන් බහුතරය සේවය කරන නිදහස් වෙළඳ කලාප සංවේදී පරිශ්‍ර ලෙස සැළකිය යුතු බවයි.

“ඩොලර් ද මනුෂ්‍ය ජීවිතද?” මැයෙන් පැවැත් වූ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී, ඊට සම්බන්ධ වූ පිරිස අවධාරණය කළේ විදෙස් ඇණවුම් වෙනුවෙන්, කර්මාන්ත ශාලා වසා නොදැමීමේ පියවර අගය කරන ඒවායේ හිමිකරුවන් ශ්‍රමිකයන්ට අවශ්‍ය මූලික පහසුකම් නොදෙන බවයි.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වසංගතයේ ගොදුරු බවට පත් වූ ශ්‍රමිකයන් ගැන සොයා බැලීමට කිසිවෙකු උනන්දු නොවන බවයි. රටේ ආර්ථිකය කඩා වැටී අවස්ථාවක විදේශ විනිමය වුවමනාව මත සේවයට කැඳවන ඔවුන්ගේ ගරුත්වය, රැකියා සුරක්ෂිත බව, සෞඛ්‍යාරක්ෂාව, සමාජ සංරක්ෂණය ආරක්ෂා කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවද ඇය එහිදී අවධාරණය කළා ය.

චමිලා තුෂාරි මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
to top