Skip links

Protest Campaign – 14th of July 2023

යෝජිත කම්කරු නීති සංශෝධන සහ EPF, ETF පෙන්ෂන් සහ W&OP මංකොල්ලය පරදවමු

මේ වන විට ආණ්ඩුව හතරවටින්ම වැඩකරන ජනතාව එල්ල කරමින් ප්‍රහාර ගණනාවක් දියත් කර තිබේ. එහි අළුත්ම ප්‍රහාරයන් වන්නේ සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමත් වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන කම්කරු නීති සංශෝධන ඉදිරියට ගෙන ඒමත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමට යයි කියමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් EPF අරමුදලට ලැබිය යුතු ආදායමෙන් වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් කපා ගැනීමට ආණ්ඩුව යෝජනා කර ඇත. මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් සීයට 0.5ක ප්‍රමාණයක් වාර්ෂිකව අරමුදලට ලැබෙන ආදායමෙන් කපා ගනු ලැබේ.

2022 වසරේ දළ දේශිය නිෂ්පාදනය රු. ට්‍රිලියන 24.1ක් වන අතර එම මුදලෙන් 0.5%ක් යනු රු. කෝටි 12,000ක් පමණ වේ. ඒ අනුව මේ වසරේදී රුපියල් කෝටි 12,000කටත් වැඩි මුදලක් කපාගනු ඇත. එය සමස්ත අර්ථ සාධක අරමුදලෙන් කපා ගන්නා 14% බද්දක් සමග වාර්ෂික ආදායමින් 60% අධිකර ප්‍රතිශතයකි.

රටේ උද්ධමනය ක්‍රමානුකූලව වැඩි වන නිසා දළ දේශීය නිෂ්පාදිතයේ අගයද වාර්ෂිකව වැඩි වේ. එම නිසා ඊළඟ වසරේදී අර්ථ සාධක අරමුදලෙන් කැපෙන ප්‍රමාණය මීටත් වඩා වැඩි වනු ඇත.

වේගයෙන් සිදුවන රැකියා අහිමි වීම නිසා EPF අරමුදල අඩු වීමත් ඉහත සඳහන් කළ පරිදි වාර්ෂිකව රුපියල් ප්‍රෙකා්ටි ගණනක් කපා ගනීමත් නිසා මහබැංකු අධිපතිවරයා පසන ආකාරයට 9%ක පොලියක් ගෙවීමට නොහැකි වන අතර එය 0 වීමටද ඉඩ තිබේ. ඒ අනුව 2038 වන විට රු. ලක්ෂ 100ක් ලැබිය යුතු ප්‍රතිලාභියෙකුට ඇත්ත වශයෙන්ම ලැබෙන මුදල රුපියල් ලක්ෂ 50ක් පමණ වනු ඇත. මෙසේ අඩකටත් වඩා අඩු වන්නේ ඔබ විශ්‍රාම ගිය විට ඔබේ අවශ්‍යතා සඳහා ඇති මුදලකය. මෙවන් විශාල මුදලක් ඔබෙන් නොවිමසා ඔබේ ගිණුමෙන් කපා ගැනීමට ඔබ ඉඩ දෙනවාද?

අළුතෙන් ගෙන එන ලද සේවා නියුක්ති පනතෙන් දැනට කම්කරුවන් භුක්ති විඳින අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති 13ක් අහෝසි වේ. මෙසේ කම්කරුවන්ගේ ආරක්ෂාවට ඇති නීති අහෝසි කිරීමට කම්කරු ඇමතිවරයාට ලැබී ඇති බලය කුමක්ද?

ඊට අමතරව

– සේවකයන්ගේ වැඩ දිනය අහෝසි කිරීම

– අතිකාල නොමැතිව දිනකට පැය 16ක් වැඩ කිරීමට ඇති හැකියාව

– කාන්තාවන්ගේ පසූත නිවාඩුවලට වැටුප් ගෙවීමට හාම්පුතාට ඇති වගකීමෙන් ඉවත් කිරීම

– පඩි පාලක සභා අහෝසි කිරීම

– කම්කරු කොමසාරිස්ගේ අවසරයකින් තොරව සේවකයන් වන්දි නොගෙවා ඉවත් කිරීම

– රටේ පවතින කම්කරු නීති වෙනුවට පත්වීම් ලිපියේ කොන්දේසි බලාත්මක කිරීම

– වෘත්තිය සමිතියක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය සාමාජික සංඛ්‍යාව 7 සිට 100 දක්වා ඉහළ දැමීම මගින් සේවකයන් වෘත්තිය සමිතිගත වීම වැළැක්වීම ආදිය නව සංශෝධනවලින් යෝජනා කර ඇත.

මෙම යෝජනා හාම්පුතුන්ගේ ඉල්ලීම පිට සේවකයන් මර්දනය කර ඔවුන්ගේ මනදොල පිනවීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් මිස කම්කරු ඇමති කියන ආකාරයට අයෝජකයන් ගෙන්වා ගැනීමට කරන ලද්දක් නොවේ. මෙම නීති ක්‍රියාත්මක වුවහොත් ඊට වසර 200ක් ආපස්සට යන ඇත.

එම නිසා මෙම EPF මංකොල්ලයත් ඔබගේ අයිතීන් සුරකින නීති වෙනුවට වහල් නීති ගෙන ඒමත් පරාජය කිරීමට එක්ව සටන් කරමු!

Leave a comment

This website uses cookies to improve your web experience.