Skip links

Labour Law Reform

දින 180ක් සේවය කළ සේවකයන් සැවොම සඳහා මාස භාගයක පාරිතෝෂික ගෙවීමක් හඳුන්වාදීම ඇතුළු කම්කරු නීතිවල වෙනස්කම් සිදු කෙරේ. නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව වසර 05ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට නව නීතිය යටතේ පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

Leave a comment

This website uses cookies to improve your web experience.