Skip links

වැඩ කරන ජනතාවට සුබ නව වසරක් වේවා – ඩා බිඳු සාමූහිකය

නිදහස් වෙළඳ කලාපවල සේවය කරන සියලු දෙනා ඇතුළු වැඩ කරන ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන බව ඩා බිදු සාමූහිකය නිවේදනය කරයි.  සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගරු කරන සහ පිළිගන්නා තැනට පාලකයන් මෙන්ම ආණ්ඩුවද යොමු විය යුතුයි. පවතින ජීවන වියදම සළකා බලා ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් ලබා දීමටද, ජීවන වියදම අඩු කිරීමටද කටයුතු කළ යුතුය. එසේම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් කරා යොමු වීමට අවශ්‍ය පියවර ගැනීමද ආණ්ඩුවේ වගකීමකි. යම් හෙයකින් වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදුවට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අවශ්‍ය අවස්ථාවල වෘත්තීය අරගලවලට සූදානම් බවද ඩා බිඳු සාමූහිකය පවසයි.

පසුගිය වසර දෙස හැරී බැලීමක්

පසුගිය වසර කොවිඩ් 19 ව්‍යසනය නිසා වැඩකරන ජනයාට යහපත් වසරක් නොවීය. ඔවුන් වෙනදාටත් වඩා පාලකයන්ගේ පීඩාවට සහ හිංසනයට ගොදුරු විය. අනපේක්ෂිත ලෙස ජීවන වියදම ඉහළ යාම නිසා ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීය.  එහෙත් ඒ තත්ත්වය මධ්‍යයේ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව වැඩකරන ජනයා වෙනුවෙන් විවිධ සහන හා වැඩසටහන් සම්පාදනය කරන්නට ඩා බිඳු සාමූහිකයට අවස්ථාව උදා විය.

2021 ජනවාරි මාසයේ කටුනායක, බියගම නිදහස් වෙළඳකලාපවල සේවිකාවන් වෙනුවෙන් ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් විය. විශේෂත්වය වන්නේ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් වෙනුවෙන් කටයුතු කරන සිවිල් සංවිධාන නියෝජිතයන් වෙනුවෙන් පැවැත් වූ පුහුණු සැසියයි. පබා දේශප්‍රිය සම්පත් දායිකාව වූ එහි ඉලක්කය වූයේ ප්‍රජනන සෞඛ්‍ය විෂයයෙහි පුහුණුකරුවන් බිහි කිරීමයි.

 කිලිනොච්චියෙන්  නුවරඑළියට නෑගම්

පසුගිය මාර්තු මාසයේදී ඩා බිඳු සාමූහිකයේ කාන්තා දින සැමරුම පැවැත් වූ අතර එහිදී වැඩ කරන කාන්තාව තේමා කරගනිමින් අයිතීන් ගැන අවධානය යොමු කරන ලදී. ඇන්සල් ලංකා වෘත්තීය සමිති නායකයින්ට සිදු වූ අගතියට එරෙහි විරෝධතාවට බියගමදී සහය දැක්වීමද සිදු විය. ඒ අතර ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත් කාන්තාවන්ගේ අරගලයට සහය දීම සඳහා හිඟුරක්ගොඩ පැවති වැඩසටහනට එක් වීමද කැපී පෙනේ. 

වැඩි විස්තර සඳහා ඩා බිඳු පුවත් හසුන කියවමු

මැයි ජූනි මාසවල කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ වුව ඔන්ලයින් වැඩසටහන් ගණනාවක් පවත්වමින් ඩා බිඳු මෙහෙවර දියත් වූ අතර ඝාතනයට ලක් වූ රොෂේන් චානක සැමරුම් වැඩසටහනක්ද පැවැත්විණ. ජූලි මාසයේ සිට ඔක්තොම්බර් දක්වා පැවති වැඩසටහන් ගණනාවක නියෝජිතවරිය ලෙස සහභාගී වූ ඩා බිඳු සාමූහිකයේ චමිලා තුෂාරි කම්කරු අයිතීන් සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවාය. නොවැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවා හමු වී පවතින තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට ලැබීම මහඟු අවස්ථාවකි.

දෙසැම්බර් මාසයේ කිලිනොච්චියේ වැඩ කරන කාන්තාවන් අත්දැකීම් හුවමාරුව සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ අතර සියලු පහසුකම් සම්පාදනය කරන ලද්දේ ඩා බිඳු සාමූහිකයයි.

Leave a comment

  1. Happy New Year to the working Class – Da Bindu Collective – Dabindu Collective
    Permalink
This website uses cookies to improve your web experience.