Dabindu Collective (DC) conducted the second awareness training on Sexual and Gender-Based Violence (SGBV) for apparel sector workers for the second time in the Biyagama area of Gampaha District on 20 September 2026.
This programme was conducted under the FISD Grant, with the aim of strengthening workers’ awareness of SGBV, their rights, available support mechanisms, and the importance of safe, respectful, and violence-free workplaces.
The training included interactive discussions and group activities, providing workers with an opportunity to share their experiences, identify workplace challenges, and collectively discuss issues and concerns related to SGBV.
The session was facilitated by Dabindu Collective staff, creating a safe, inclusive, and participatory space for workers to share their experiences, perspectives, and concerns.
ලිංගික හා ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (SGBV) පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
ඩාබිඳු සාමූහිකය (DC) විසින් 2026 සැප්තැම්බර් 20 වන දින, ගම්පහ දිස්ත්රික්කයේ බියගම ප්රදේශයේ ඇඟළුම් කර්මාන්තයේ සේවය කරන කම්කරුවන් සඳහා දෙවන වරටත් ලිංගික හා ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (SGBV) පිළිබඳ දෙවන දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන FISD ව්යපෘතිය යටතේ ක්රියාත්මක කරන ලද අතර, SGBV පිළිබඳ කම්කරුවන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ පවතින සහාය ලබාගැනීමේ ක්රමවේද පිළිබඳ අවබෝධය ශක්තිමත් කිරීම සහ ආරක්ෂිත, ගෞරවාන්විත හා හිංසනයෙන් තොර සේවා පරිසරයක වැදගත්කම අවධාරණය කිරීම මෙහි අරමුණු විය.
වැඩසටහනේදී අන්තර්ක්රියාකාරී සාකච්ඡා සහ කණ්ඩායම් ක්රියාකාරකම් ද පවත්වන ලද අතර, එමඟින් කම්කරුවන්ට තම අත්දැකීම් බෙදාගැනීමට, සේවා ස්ථානයේදී මුහුණ දෙන අභියෝග හඳුනාගැනීමට සහ SGBV හා සම්බන්ධ ගැටලු හා ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාමූහිකව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණි.
මෙම පුහුණු සැසිය ඩාබිඳු සාමූහිකයේ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවන ලද අතර, කම්කරුවන්ට තම අත්දැකීම්, අදහස් සහ ගැටලු නිදහසේ බෙදාගැනීමට ආරක්ෂිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ සහභාගීත්වයෙන් යුත් අවකාශයක් නිර්මාණය කරන ලදී.
பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறை (SGBV) தொடர்பான விழிப்புணர்வு பயிற்சி
டாபிந்து கூட்டமைப்பினால் (DC), 2026 செப்டம்பர் 20ஆம் திகதி, கம்பஹா மாவட்டத்தின் பியகம பகுதியில் ஆடைத் தொழிற்துறையில் பணிபுரியும் தொழிலாளர்களுக்காக பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறை (SGBV) தொடர்பான இரண்டாவது விழிப்புணர்வு பயிற்சி நடத்தப்பட்டது.
இந்நிகழ்ச்சி FISD திட்டத்தின் கீழ் நடைமுறைப்படுத்தப்பட்டது. தொழிலாளர்களிடையே SGBV தொடர்பான விழிப்புணர்வை அதிகரித்தல், அவர்களின் உரிமைகள் மற்றும் கிடைக்கக்கூடிய ஆதரவு வழிமுறைகள் தொடர்பான அறிவை வலுப்படுத்தல், அத்துடன் பாதுகாப்பான, கண்ணியமான மற்றும் வன்முறையற்ற பணிச்சூழலின் முக்கியத்துவத்தை வலியுறுத்தல் ஆகியவை இந்நிகழ்ச்சியின் முக்கிய நோக்கங்களாகும்.
பயிற்சியின் ஒரு பகுதியாக கலந்துரையாடல்கள் மற்றும் குழுச் செயற்பாடுகள் இடம்பெற்றன. இதன் மூலம் தொழிலாளர்கள் தங்களது அனுபவங்களைப் பகிர்ந்துகொள்ளவும், பணியிடங்களில் எதிர்கொள்ளும் சவால்களை அடையாளம் காணவும், SGBV தொடர்பான பிரச்சினைகள் மற்றும் கவலைகள் குறித்து கூட்டாகக் கலந்துரையாடவும் வாய்ப்பு கிடைத்தது.










