Skip links

වැඩ කරන ජනතාවට සුබ නව වසරක් වේවා – ඩා බිඳු සාමූහිකය

නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ශ්‍රමිකයන් ද ඇතුළුව සමස්ත වැඩ කරන ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන බව ඩා බිඳු සාමූහිකය පවසයි.

සම්ප්‍රදායනුකූලව ශ්‍රී ලංකා වාසීන් සෑම වසරකම අප්‍රේල් මාසයේ නව අවුරුදු උදාව සමරන අතර මෙවර කොවිඩ් 19 ව්‍යසනයෙන් ජනතාව පීඩා විඳින පසුබිමක එය සමරන්නට සිදුව තිබේ. ඩා බිඳු සාමූහිකය පෙන්වා දෙන්නේ එහිලා වඩාත් පීඩාවට පත් වූ පිරිස නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ ඉන් පිටතද අඩු වරප්‍රසාද සහිතව සේවය කරන පිරිස බවයි.

විශේෂයෙන් ඇගලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන දහස් ගණනක් කාන්තා හා පිරිමි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් අහිමි කොට හෝ කප්පාදු කර ඇත. කොවිඩ් වසංගතයට මුවා වී සේවකයන්ගේ වැටුප් වැඩි නොකර සිටීමට හෝ කප්පාදු කිරීමට පාලකයන් ක්‍රියා කොට ඇත. වෙනත් අවුරුදුවල ලබාදෙන බෝනස් හෝ උත්සව අත්තිකාරම් ලබා දී නැත.  ඩා බිඳු සාමූහිකය පෙන්වා දෙන්නේ මෙරට ඇගලුම් ආශ්‍රිත ආදායම හා ලාභය වර්ධනය වී ඇති බව මහ බැංකු වාර්තා මගින් සහතික කර තිබියදී එම ප්‍රතිලාභ සේවකයන් ට ලබා නොදෙන බවයි. පිරිසිදු ඇගලුම් ව්‍යාපාරය පවසන අන්දමට කොවිඩි ව්‍යසනයට මුවා වී මෙරට ඇගලුම් සේවක ප්‍රතිලාභ සියයට 40කින් කප්පාදු කර ඇත.  අයි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් කෝපරේෂන් වෙතින් මෙරට ඇගලුම් කර්මාන්ත දෙකක් රුපියල්  බිලියන 50ක ණය ඉල්ලා ඇත. ඒ හේතුවෙන් අදාල කර්මාන්තවල ක්‍රියාකලාප ගැන පරීක්ෂණ වාර්තා යට ගැසීමට රාජ්‍ය බලධාරීන්ද උත්සාහ ගනිමින් සිටී. 

ආසියාවට පොදු වැටුප් ව්‍යාපාරය මගින් මෙම සමාගම්වලට ණය දෙන ආයතන අමතන්නට තමන්ට සිදු වූ බවද ඩා බිඳු සාමූහිකය පවසයි.  විශේෂයෙන් බහුතර ශ්‍රමික කතුන්ට පහසුකම් සපයන ලෙසද, වෘත්තීය සමිති නිදහස තහවුරු කරන්නට මැදිහත් වන මෙන්ද ඩා බිඳු සාමූහිකය මෙහිදී ඉල්ලා ඇත.

කම්කරුවන්ද සිය වැටුප් වර්ධක ලබා ගැනීමට හා නිවාඩු ගැටලු විසඳා ගැනීමට මෙන්ම වෘත්තීය සමිති හා එක්වීමට සටන් කර තිබෙන නමුත් එවැනි බොහෝ පිරිස් රැකියාවලින් නෙරපා හැර ඇත. වෘත්තීය සමිතියකට බැඳීම කම්කරුවන්ගේ මූලික අයිතියක් වන නමුත් කර්මාන්ත ශාලාවල පාලකයෝ ඒ අයිතිය නොසළකා හැර ඇත. මහ බැංකු වාර්තාවලින් පෙනී යන අන්දමට කර්මාන්ත ශාලා පාඩු නොලබන පසුබිමක කම්කරුවන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම තුළ ඔවුන්ට සුබ නව වසරක් උදා නොවන බවද ඩා බිඳු සාමූහිකය පෙන්වා දෙයි.

Leave a comment

This website uses cookies to improve your web experience.