Skip links

ඇන්සල් ලංකා වෘත්තීය සමිති නායකයින්ට යුක්තිය ඉටු විය යුතුයි – ඩා බිඳු සාමූහිකය

වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම නිසා රැකියාවලින් නෙරපා හරින ලද ඇන්සල් ලංකා වෘත්තීය සමිති නායකයින්ට යළි රැකියා ලබා දිය යුතු බව ඩා බිඳු සාමූහිකය අවධාරණය කළේය.
මාර්තු 31 වෙනිදා බියගම ඇන්සල් ලංකා ආයතනය ඉදිරිපිට පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති රැළියට එක්වෙමින් ඩා බිඳු සාමූහිකය පැවසුවේ මේ වෘත්තීය සටන ජයග්‍රහණයෙන් අවසන් විය යුතු බවයි. වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා රැකියා අහිමි කළ ඇන්සල් ලංකා හී සහ නිදහස් වෙළඳ කලාපයේ සියලු සේවකයන්ට වන්දි ලබා දිය යුතු බවද ඩා බිඳු සාමූහිකය වෙනුවෙන් අදහස් දක්වමින් චමිලා තුෂාරි පැවසුවාය.

“කොවිඩ්වලට මුවා වෙලා සොච්චම් පඩියත් කපනවා. බෝනස් දෙන්නේ නැහැ. සේවා මුර දීර්ඝ කරලා. සේවා ස්ථාන අනාරක්ෂිතයි. හඬ නගන අය රස්සා⁣වලින් පහ කරනවා. මේක පොදු ප්‍රශ්නයක්. ඒ නිසා ඇන්සල් ලංකා සටනට හැමෝම සහය දිය යුතුයි.” ඇය සඳහන් කළාය.

මේ වනවිට ඇන්සල් ලංකා හී වෘත්තීය සමිති මර්ධනයක් ක්‍රියාත්මක වන අතර ඊට එරෙහිව ජාත්‍යන්තර සංධානයක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ. එහිදී, ඔස්ට්‍රේලියාව, මැලේසියාව හා තවත් රටවල කම්කරුවන්ගේ සහාය ලැබෙනු ඇත. ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කොට සැළකීමෙන් වැළකීමට කර්මාන්තශාලාවල පාලකයන් ක්‍රියා කළ යුතු අතර කොවිඩ් ආරක්ෂිත හා පරීක්ෂාවන් සිදු කළ හැකි පසුබිමක් නිර්මාණය විය යුතු බවද චමිලා වැඩිදුරටත් පැවසුවාය.

Tags:

Leave a comment

This website uses cookies to improve your web experience.